ගුරුවරුන්ගේ ඇඳුම ගැන ගත් තීරණය

0
Decision of Teachers Uniform - ගුරුවරුන්ගේ ඇඳුම ගැන ගත් තීරණය

කිසිදු හේතුවක් මත ගුරුවරුන්ගේ ඇඳුම් හෝ පාසල් දරුවන්ගේ නිල ඇඳුම් වෙනස් නොකරන බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කොටහේන විවේකානන්ද විද්‍යාලයේ අද පැවති උත්සවයකට එක්වෙමින්.

පසුගියදා ලංකා ගුරු සංගම් ලේකම් ජෝශප් ස්ටාර්ලින් විසින් නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියේ ගුරුවරුන්ගේ ඇඳුම වෙනස් කර, ඔවුන්ට පාසල වෙත පැමිණීමට පහසු ඇඳුමක් හිමි විය යුතු බවයි.

නමුත් මෙ සඳහා ඇතැම් ගුරුවරුන් සිය මනාපය පළ කළ ද, ඇතැම්හු ඊට එකඟ වූයේ නැහැ.

මේ සම්බන්ධයෙන් මහා සංඝරත්නය ද අදහස් දක්වමින් සඳහන් කළේ, ගුරු ඇඳුම වෙනස් කිරීම වනාහි පාසල් දරුවන්ගේ පටන් හික්මීම සහ විනය බිඳ දැමීමෙහි ප්‍රබල සාධකයක් වනු ඇති බවයි.

එහෙයින් ඊට දැඩි විරෝධය මහ සංඝරත්නයෙන් එල්ල වුණා.

මෙවන් තත්ත්වයක් මතයි අද පැවති මාධ්‍ය හමුවකදී ස්ටාලින් ප්‍රකාශ කළේ, ගුරු ඇඳුම වෙනස් කිරීම සම්බන්ධයෙන් වන වගකීම අධ්‍යාපන අමාත්‍යවරයා වෙත පැවරෙන බවයි.

ඊට පිළිතුරු ලෙසයි අධ්‍යාපන අමාත්‍යවරයා විසින් මෙම ප්‍රකාශය නිකුත් කරනු ලැබුවේ.