විපක්ෂ නායක විහිළුකාරයෙක් වෙලා

0
Mihinthala Thero and Sajith Premadasa - විපක්ෂ නායක විහිළුකාරයෙක් වෙලා

විපක්ෂ නායකවරයා කියන චරිතය විහිළු කාරයකු වෙලා, විහිළු සපයන වැඩ කටයුතු කිරීම කාලෝචිත නොමැති බව ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍යපාද වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පැවසූහ.

ජනාධිපතිවරු දෙදෙනෙක් කතා කළත් එම තනතුරු බාර නොගෙන අද පාරට ඇවිත් ජනතාව පෙළ ගස්සනව.මොකක්ද මේ කරන්න යන විහිළුව.

අද මහ පාරේ සිටින අරගලකරුවන් උද්ඝෝෂණය කරන්නේ නම් ඊට පාර්ලිමේන්තුවේ සිටින 225 ම වගකිව යුතු බව විහාරාධිපති හිමියෝ අවධාරණය කළහ.

සංචාරක කර්මාන්තය කඩා වැටිලා, ඊට බාධාවක් වෙනවා, සාමාන්‍ය ජනතාවට බාධාවක් වෙනවා. ඒ නිසා මේ පාලකයන් අරගලකරුවන්ව හඳුන්වන්නේ රාජද්‍රෝහීන් ලෙසයි.

එහෙම නම් ජනතාවගේ හඬට ඇහුම් කන් දී පාර්ලිමේන්තුව තුළම තීන්දු තීරණ ගත යුතුයි.රටේ ජනතාවට උද්ඝෝෂණය කිරීමට අයිතියක් තියෙනවා.

භාෂණයේ අයිතියක් තිබෙනවා .ඒ සියල්ලම ඇත්ත.ඒ හඬ වෙනුවෙන් ලැබෙන පිළිතුර කුමක් ද කියන එක අද ගැටළුවක් වෙලා තියෙනවා. ඒ නිසයි අපි කියන්නේ මෙය පාර්ලිමේන්තුව තුළම ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ක්‍රියාත්මක කළ යුතු බව.