විපක්ෂයේ විරෝධතාවයේදී සජිත්ට විරෝධයක්

0
Sajith in Aragalaya - විපක්ෂයේ විරෝධතාවයේදී සජිත්ට විරෝධයක්

“මර්දනයට, ආර්ථික පීඩනයටල එරෙහිව නැගී සිටිමු” මැයෙන් රජයට එරෙහිව දේශපාලන පක්ෂ,වෘත්තීය සමිති,බහුජන සංවිධාන ඒකාබද්ධව සංවිධානය කර තිබූ විරෝධතාවට සහභාගි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු දේශපාලනඥයන් පිරිසකට විරෝධතාකරුවන්ගෙන් විරෝධය එල්ල විය.

මෙම විරෝධතා නිසා සජිත් ප්‍රේමසාද මහතා ජනහමුව නවත්වා පැමිණි සිටි පිරිසගේ හූ හඩ හා විරෝධය මැද ස්ථානයෙන් දී පිටව ගියේය.

මරදානේ සිට කොටුව දක්වා ගමන් ගත් මෙම විරෝධතා පා ගමනට පිටකොටුව පාවෙන වෙළඳ අසලදී පොලිසිය බාධා කළේය. දේශපාලනඥයන් එම විරෝධතාව ඉදිරියට ගමන් කිරීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් උරණ වූ විරෝධතාකරුවන් ඔවුන්ට විරෝධය එල්ල විය.

ලොරියක තුළ සකස්කළ වේදිකාවක් මත සිට ජන හමුවක් පැවැත්වීමට සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ දේශපාලනඥයන් උත්සහ ගත්ත ද පිරිසගේ විරෝධතාව හේතුවෙන් එය අතර මග නැවැත්වීමට සංවිධායකයෝ පියවර ගනු ලැබූහ.

ඒ අවස්ථාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍යයට ප්‍රකාශ ලබා දුන් අතර ඒ අවට සිටි පිරිස ඔහුට හූ හඩ එල්ල කරමින් විරෝධය පලකර අතර , පිරිසගේ හූ හඩ මැද සජිත් ප්‍රේමදසා මහතා ඇතුලු දේශපලනඥයෝ රැසක් එම ස්ථානයෙන් පිටව ගියහ.