අද මධ්‍යම රාත්‍රියේ සිට ආහාර වර්ග 4ක මිල පහළට

0
Short East Prices - අද මධ්‍යම රාත්‍රියේ සිට ආහාර වර්ග 4ක මිල පහළට

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආහාර වර්ග 4ක මිල අඩුකිරීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමය පවසයි.

ඒ අනුව රෝල්ස්, පරාටා, බිත්තර රොටී සහ එළවලු රොටී මිල රුපියල් 10 කින් අඩු කරන බවයි එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා සඳහන් කළේ.

එසේම ප්ලේන් ටී එකක් රුපියල් 30 කටත් කිරි තේ එකක් රුපියල් 100 කටත් අලෙවි කිරීමට කටයුතු කරන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.