රට පත්ව ඇති තත්ත්වයට නිදහස් පක්ෂයත් වගකිව යුතුයි

0
Duminda Dissanayaka - රට පත්ව ඇති තත්ත්වයට නිදහස් පක්ෂයත් වගකිව යුතුයි

රට මේ වනවිට පත්ව ඇති තත්ත්වයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද වගකිවයුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ අදහස් පළ කළා.

ශ්‍රී’ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද පස්වරුවේ රැස්වුණේ පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

රජයේ අමාත්‍යධුර දරන කිසිවෙකු මධ්‍යම කාරක සභාවට පැමිණ නොසිටි අතර පසුගිය කාරක සභාවට ආරාධනා නොලද පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාට මෙවර ආරාධනා කර තිබුණා.