දකුණු කොරියාවේ තෙරපීමෙන් ලාංකික තරුණයෙකුත් මියයයි

0
Sri Lankan Person Dead in the South Korea Accident - දකුණු කොරියාවේ තෙරපීමෙන් ලාංකික තරුණයෙකුත් මියයයි

දකුණු කොරියාවේ සෝල් අගනුවර එළිමහන් උත්සවයක් අතරතුර ඇතිවූ තෙරපීමකින් මියගිය පුද්ගලයින් අතර ශ්‍රී ලාංකිකයෙක් ද සිටින බව වාර්තා වනවා.

ඔහු 27 හැවිරිදි මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

දකුණු කොරියාවේ ඊයේ රාත්‍රීයේ සංවිධානය කර තිබූ හැලොවින් සාදයක් අතරතුර මෙම තෙරපීම සිදුව ඇති අතර මියගිය පුද්ගලයින්ගෙන් වැඩිදෙනෙකු යොවුන් වියේ පසු වුවන්.

එසේම මේවනවිට මියගිය ගණන 151ක් පමණ වන අතර තවත් පුද්ගලයින් 82ක් පමණ තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අදාළ උත්සවය සඳහා විශාල ජනතාවක් රැස්ව සිට ඇති අතර පටු මන්තීරුවක විශාල පිරිසක් එක්රැස්වීම මෙම අනතුරට හේතුවී ඇති බවයි එරට බලධාරීන් පවසන්නේ.