ගම්පහ පොහොට්ටු මන්ත‍්‍රීන් බහුතරය රනිල් සමග එක්වේ

0
Gampaha SLPP MPs Support to President - ගම්පහ පොහොට්ටු මන්ත‍්‍රීන් බහුතරය රනිල් සමග එක්වේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් ගෙන් බහුතරයක් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා එක්ව දේශපාලනය කිරීමට සූදානමින් සිටියි.

ඔවුන් මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ මූලික අදහස් හුවමාරු කරගැනීමකද නිරතව ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර 13ක් පසුගිය මහා මැතිවරණය ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් හිමි විය.

මේ අතර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සිය ආසනයේ දේශපාලන ක්‍රියාකාරීන් අතර රහස් ඡන්දයක් පවත්වා ‘වත්මන් ස්ථාවරයේම සිටින්නේ ද අභියෝග ජය ගත් නායකයා සමග එක්වන්නේද’ යන්න විමසා ඇත.

කෙසේ වෙතත් අමාත්‍යවරයා මෑතදී කියා සිටියේ තමන් රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවට සහයෝගය ද දුන්නද අලියා අපිට නැගීමක් සිදු නොකරන බවයි.