මහ කන්නයට අවශ්‍ය ප්‍රථම යූරියා පොහොර තොගය රැගත් නෞකාව දිවයිනට

0
Uria Fertilizer - මහ කන්නයට අවශ්‍ය ප්‍රථම යූරියා පොහොර තොගය රැගත් නෞකාව දිවයිනට

මෙවර මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර මෙට්‍රික් ටොන් 12,500ක් රැගත් පළමු නෞකාව ඊයේ රාත්‍රියේ කොළඹ වරායට පැමිණ තිබෙනවා.

මහ කන්නයට අවශ්‍ය යූරියා මිල දී ගැනීම සඳහා ඉදිරිපත් කළ ප්‍රථම ටෙන්ඩරයට අනුව මෙම යූරියා තොගය ගෙන්වීමට කටයුතු කළ බවයි කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය සඳහන් කළේ.

මහ කන්නයට අවශ්‍ය යූරියා මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක් රැගත් දෙවන නෞකාව නොවැම්බර් මස අවසන් සතිය තුළ දී මෙරටට ළඟා වීමට නියමිතයි.

ලෝක බැංකුව විසින් මෙවර මහ කන්නයට අවශ්‍ය යූරියා මිල දී ගැනීම සඳහා ඩොලර් මිලියන 110ක මුදලක් ණය වශයෙන් ලබා දී තිබෙනවා.