තිරිඟු පිටි ප්‍රමාණවත් පරිදි ලැබෙන තෙක් පාන් මිල අඩුකළ නොහැකි බව බේකරි හිමියන් කියයි

0
Bread Prices - තිරිඟු පිටි ප්‍රමාණවත් පරිදි ලැබෙන තෙක් පාන් මිල අඩුකළ නොහැකි බව බේකරිහිමියන් කියයි

ආනයනයනික තිරිඟු පිටි ප්‍රමාණවත් පරිදි ලැබුණහොත් පමණක් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු කළ හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

කෙසේ වෙතත්, මෙරට ප්‍රධාන පෙලේ තිරිඟු පිටි සමාගම් ප්‍රකාශ කරන්නේ තමන්ට තිරිඟු පිටිවල මිල අඩු කිරීමට හැකියාවක් නොමැති බවටයි.

දැනට වෙළඳපොලේ අර්බුදකාරි තත්ත්වයක පවතින තිරිඟු පිටි සම්බන්ධයෙන් ඊයේ වෙළඳ අමාත්‍යාංශයේදී වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වුණා.

ඊට තිරිඟු පිටි සමාගම්වල නියෝජිතයින් මෙන්ම, සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ නියෝජිතයින් ද එක්ව සිටි බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.

කෙසේ වෙතත්, සාකච්ඡාවෙන් අනතුරුව පිටතට පැමිණි තිරිගු පිටි සමාගම්වල නියෝජිතයින් ප්‍රකාශ කළේ ඊයේ පැවති මෙම සාකච්ඡාව සාර්ථක නොවූ බවයි.