නිදි යහනේදී මියගිය සරසවි සිසුවා

0
University Student Dead - නිදි යහනේදී මියගිය සරසවි සිසුවා

නේවාසිකාගාරයේ කාමරයේ දී මියගිය සබරගමු විශ්ව විද්‍යාලයේ සිවුවන වසරේ ශිෂ්‍යයාගේ සිරුර සම්බන්‍ධයෙන් මහේස්ත‍්‍රාත් පරීක්‍ෂණයක් පවත්වන බව බළන්ගොඩ ප‍්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී ඩබ්.කේ.පී. අසෝක කුමාර මහතා ඊයේ (21දා) සවස පැවසුවේය.

මෙසේ මියගොස් ඇත්තේ සබරගමු විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික පීඨයේ සිව්වන වසරේ ශිෂ්‍යයෙක් වූ ලසන්ත හර්ෂ ධනංජය නැමැති විසිපස් හැවිරිදි තරුණයාය. ඔහු බණ්ඩාරගම, අටුලූගම ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මියගිය ශිෂ්‍යයා සබරමු විශ්ව විද්‍යාලයේ සිංහරාජ නේවාසිකාගාරයේ අංක පහ කොටසේ ඔහුගේ කාමරයේ සිටිය දී මියගොස් තිබුණි.  ඔහු විශ්ව විද්‍යාලයේ කබඩි කණ්ඩායමේ සාමාජිකයෙක් බව ද පොලීසිය කියයි.

අසනීපයකට බෙහෙත් ගැනීමට මියගිය ශිෂ්‍යයා දින කිහිපයකට පෙර විශ්ව විද්‍යාලයෙන් බැහැරට ගොස් තිබේ. 20 දින ඔහු යළි පැමිණ ඇත. එදින රාත‍්‍රී ඔහුගේ කාමරයේ අනික් මිත‍්‍රයන් දෙදෙනා ද සමග නින්දට ගොස් තිබේ.

උදෑසන සුපුරුදු ලෙස ඔහු අවදි නොවීම පිළිබ`ද විමසිලිමත් වු අනෙක් ශිෂ්‍යයින් දෙදෙනා ඔහු නිසොල්මනේ පසුවීම හේතුවෙන් සෙසු අයට දන්වා පඹහින්න ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ. ඒ වනවිටත් ඔහු මියගොස් ඇති බව වෛද්‍යවරයා දැනුම් දීමෙන් පසු සමනල වැව පොලිස්ථානයට පැමිණිලි කර තිබුණි.

සමනලවැව පොලිස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක චින්තක විජේසිංහ සහ උප පොලිස් පරික්‍ෂක ගමගේ යන මහත්වරු විමර්ශන පවත්වා සිද්ධිය බළන්ගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබීය. ඔහු නිදා සිටි කාමරයේ හෝ ඒ අවට සැකකටයුතු සලකුණු කිසිවක් නැති බවත්, කිසිදු සිදුවීමක් වු බවට තොරතුරක් වාර්තා නොවු බවත් පොලීසිය කියයි. මියගිය ශිෂ්‍යාට විශ්ව විද්‍යාලයේ පෙම්වතියක් හෝ නැති බව ද පොලිස් විමර්ශනවලදි අනාවරණය වී තිබේ.

කෙසේ වෙතත් මරණයට හේතුව තීරණය කිරිමට නොහැකි නිසාත් හදිසි මරණයක් නිසාත් මහේස්ත‍්‍රාත් පරීක්‍ෂණයෙන් පසු ලැබෙන නියෝගයක් අනුව නිගමනයකට පැමිණිය හැකි බව ද සහකාර පොලිස් අධිකාරීවරයා කීවේය.