විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 178කින් සම්මත වෙයි

0
22nd Amendment Passed - විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 178කින් සම්මත වෙයි

විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 178කින් සංශෝධන සහිතව සම්මත විය.

පනතට පක්ෂව ඡන්ද 179 ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද එකක් පමණි.

පනතට විරුද්ධව ඡන්දය ලබාදුන්නේ පොදුජන පෙරමුණ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර මහතාය.

විසි දෙවෙනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඊයේ (20) සහ අද (21) පැවැත්විණ.

විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු 50කට අධික පිරිසක් අදහස් දැක්වූහ.