නොවැම්බර් අග මහ කන්නයට අවශ්‍ය බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් හතළිස් දාහක් එයි

0
Fertilizers for Maha Session - නොවැම්බර් අග මහ කන්නයට අවශ්‍ය බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් හතළිස් දාහක් එයි

මෙවර මහ කන්නයට අවශ්‍ය බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනය කිරීමට අදාල ටෙන්ඩර් කටයුතු අවසන් බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

එම බන්ඩි පොහොර තොගය නොවැම්බර් මස අවසන් වන විට මෙරටට ලැබීමට නියමිත බවද අමාත්‍යංශය සඳහන් කරයි.

වී වගාවේ දී ගොයම් කරල් ශක්තිමත්වී වැඩි අස්වැන්නක් ලබා ගැනීමට නම් මෙම බණ්ඩි පොහොර යෙදිය යුතුය.

යුරියා පොහොර මෙන්ම බණ්ඩි පොහොර ද ගොවීන්ට ලබා දීමට අවශ්‍ය සියලු පියවර කෘෂිකර්ම අමාත්‍යාංශය මේ වනවිටත් ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පැවසීය.

මෙවර මහ කන්නයේ දී වී වගා කිරීමට අපේක්ෂිත කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 814,000කි.