අදත් ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි

0
Today Weather Forecast - අදත් ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි

දිවයින ආශ්‍රිතව පහළ වායු ගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100 වැඩි තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

ඇතැම් ස්ථානවලට මි.මී.75 වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව ද කාලගුණ නිවේදනයේ සඳහන්.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.