ධන කුවේරයන්ගේ මුදල් ගස් සෙළවූ තිළිණි ප්‍රියමාලි සැමියා සමග කළ රත්‍රං ජාවාරම (වීඩියෝ)

0
Thilini Priyamali - ධන කුවේරයන්ගේ මුදල් ගස් සෙළවූ තිළිණි ප්‍රියමාලි සැමියා සමග කළ රත්‍රං ජාවාරම (වීඩියෝ)

මෙරට ධන කුවේරයන්ගේ මුදල් ගස් සෙළවූ තිළිණි ප්‍රියමාලි ඇගේ සැමියා බව පවසන පුද්ගලයෙකු සමඟ රත්‍රං ජාවාරමක ද නිරත වී ඇති බවට තොරතුරු හෙළි වනවා.

මෙරටට බොරතෙල් රැගෙන ඒමට බව පවසමින් ඔවුන් ව්‍යාපාරිකයෙකුගෙන් රත්‍රං ද ලබාගෙන තිබුණා.

තිළිණි ප්‍රියමාලිට එරෙහිව අපරාධ’පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පළමු පැමිණිල්ල සිදුකර තිබුණේ මෙම ව්‍යාපාරිකයා විසින්.

තිළිණිගේ සැමියා බව හඳුන්වා දුන් පුද්ගලයා අදාළ ව්‍යාපාරිකයා හමු වී මෙලෙස බොරතෙල් ගෙන ඒමට බව පවසා මුදල් ඉල්ලා තිබුණා.

පළමු ගනුදෙනුව හරහා පළමුව විශ්වාසය දිනා ගන්නා තිළිණි හා ඇගේ සැමියා තවත් මුදල් ආයෝජනය කරන ලෙස යළි ඉල්ලා තිබෙනවා.

ඒ අනුව තමා හා පවුලේ අය සතු රත්‍රං පවුම් 136 කට අධික ආභරණ තිළිණි ඇතුළු පිරිසට ලබා දී තිබුණා.

කෙසේ වෙතත් එම රන් ආභරණ ලබාදීම ව්‍යාපාරිකයාගේ කළමණාකාරු විසින් රහසිගතව රෑගත කර තිබුණා.

රන් භාණ්ඩ පරීක්ෂා කිරීම ඉසුරු බණ්ඩාර නම් පුද්ගලයා සිදුකරන අතරතුර තිළිණි ඇගේ ජංගම දුරකථනයෙන් ඒවා රූගත කරන අයුරු ද මෙම දර්ශනවලින් දැකගත හැකියි.

කෝටි දහයකට අධික වටිනාකමකින් යුතු විදෙස් මුදල් හා රන් භාණ්ඩ ලබාගත් පසු ඔවුන් තමන්ව දිගින් දිගටම මඟහැරි බවයි ව්‍යාපාරිකයා පවසන්නේ.

තමන්ට සිදුවු මුල්‍ය හා රන් වංචා සම්බන්ධයෙන් මෙම ව්‍යාපාරිකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත්තේ ඉන් අනතුරුවයි.

ඒ අනුව පසුගිය 06 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් සැකකාර තිළිණි ප්‍රියමාලි මේ මස 19 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.