ලබන වසරේ ජනාධිපතිවරණයක්?

0
Presidential Election - ලබන වසරේ ජනාධිපතිවරණයක්?

ලබන වසරේදී (2023) ජනාධිපතිවරණයක් පැවැත්වීම කෙරෙහි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුව ඇති බව ආරංචිමාර්ග පවසයි.

ඒ සම්බන්ධයෙන් වන නීතිමය තත්වයන් සහ අදාළ වෙනත් අවශ්‍යතා පිළිබඳව සාකච්ඡා වට කිහිපයක් මේ වනවිටත් පැවැත්වී ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ.

එම ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයකු ඉදිරිපත් නොකෙරෙනු ඇති බවත් වාර්තා විය.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහි ප්‍රධානතම අපේක්ෂකයින් දෙදෙනා වශයෙන් තරගවදිනු ඇති බව සඳහන්.

එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ 43 වැනි සේනාංකයේ නායක පාඨලී චම්පික රණවක මහතාත් එම මැතිවරණයට සෙසු ප්‍රධාන අපේක්ෂකයින් වශයෙන් ඉදිරිපත් වෙනු ඇති බවත් ආරංචි මාර්ග පැවසීය.