මෙරටට එවූ විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ යළිත් ඉහළට

0
Foreign Workers Remittance - මෙරටට එවූ විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ යළිත් ඉහළට

විදෙස්ගත ශ්‍රමිකයින් පසුගිය මාසයේ දී මෙරටට එවූ මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 359 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කම්කරු අමාත්‍ය මනූෂ නානානයක්කාර සිය මුහුණුපොතේ සටහනක් තබමින් සඳහන් කළේ, අගෝස්තු මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 325 ක් වූ විදේශගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ සැප්තැම්බර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 359 දක්වා මෙසේ ඉහළ ගොස් ඇති බවයි.

මෙය 2022 අගෝස්තු මාසයේ දී ලැබුණ මුදලට සාපේක්ෂව 10%ක ( මිලියන 34 ක) වැඩිවීමක් වන අතර එය පසුගිය ජූලි මාසය සමග සසඳන විට 29%ක (මිලියන 80 ක) වැඩිවීමක් බව ද අමාත්‍යවරයා සඳහන් කළා.