සපුගස්කන්ද තෙල් පිරිපහදුව තාවකාලිකව වැසේ

0
Sapugaskanda Oil Refinery Temporary Closed - සපුගස්කන්ද තෙල් පිරිපහදුව තාවකාලිකව වැසේ

සපුගස්කන්ද තෙල් පිරිපහදුව තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

විදේශ විනිමය හිඟය හේතුවෙන් මෙරටට ගෙන්වා ඇති තුන්වන බොරතෙල් නෞකාවේ ඇති තොගය ගොඩබෑමට නොහැකි වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

කෙසේ වෙතත් මේ වනවිට ඛනිජ තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් ඉන්ධන තොග පැවතීම හේතුවෙන් ජනතාව අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නැති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

එසේම මහ බැංකුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත සතිපතා ලබාදෙන මුදල් භාවිත කර කිසිදු හිඟයකින් තොරව පසුගිය කාලසීමාව තුළ පවත්වාගෙන ආ ලෙසින් ඉන්ධන නිකුත් කිරීමේ හැකියාව පවතින බවද අමාත්‍යවරයා එහිදී පැවසීය.