සමස්ත කොවිඩ් මරණ 1,200 ඉක්මවයි

0
Covid deaths in sri anka yesterday - සමස්ත කොවිඩ් මරණ 1,200 ඉක්මවයි

කොවිඩ් ආසාදිත මරණ 32ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,210ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම මරණ 32න් 18 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 14දෙනා පිරිමි පුද්ගලයින් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මියගිය පුද්ගලයින් අවුරුදු 28ත් 91 ත් අතර වයස්වල පසුවන්නන් බවට තහවුරු වී තිබේ.

මියගිය පුද්ගලයින්ගේ විස්තර පහතින් දැක්වේ.

කොවිඩ් -19 ආසාදිතයින් 2,959 දෙනෙකු ඊයේ (23) දිනය තුළ මෙරටින් හඳුනාගත් අතර ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් හඳුනාගෙන තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. 

එම සංඛ්‍යාව 554කි.

ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් 391 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 174 දෙනෙකු වාර්තාවීමත් සමග බස්නාහිර පළාතෙන් ඊයේ දිනයේ වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 1,129කි.

ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ – https://newsweb.lk/කොවිඩ්-ආසාදිතයින්-වාර්තා/

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 පිළිබඳව නවතම තොරතුරු – https://covid19.gov.lk/sinhala/