යතුරු පැදියට ඉන්ධන පොම්ප කිරීමේ දී ගිනි ගනී (වීඩියෝ)

0
Fire in Fuel Station - යතුරු පැදියට ඉන්ධන පොම්ප කිරීමේ දී ගිනි ගනී (වීඩියෝ)

වවුනියාව හොරොව්පතාන මාර්ගයේ ඉන්ධන පිරවුම්හලකට පැමිණි යතුරු පැදියක අද(06) ගින්නක් හටගෙන තිබේ.

යතුරු පැදියට ඉන්ධන පොම්ප කිරීමේ දී මෙම ගින්න හට ගැනීමත් සමඟම යතුරුපැදිකරු සහ පොම්පකරු එම ස්ථානයෙන් ඉවත්ව තිබේ.

කෙසේ වෙතත් එම අවස්ථාවේ ඉන්ධන පොම්පයේ අනෙක් පස නවතා තිබූ ත්‍රිරෝද රථය එක්වරම එම ස්ථානයෙන් ඉවත්කිරීමට උත්සාහ ගනු ලබයි.

ඒ වනවිටත් එම ත්‍රිරෝද රථයට ඉන්ධන පොම්ප කරමින් තිබෙන අතර ඉන්ධන පොම්පයේ බටය තිබියදීම ඔහු රථය එම ස්ථානයෙන් ඉවත් කිරීමට උත්සාහ ගැනීම නිසා විශාල අනතුරක් සිදුවන්නට තිබුණි.

කෙසේ වෙතත් කඩිනමින් ක්‍රියාත්මක වූ ඉන්ධන පිරවුම්හලේ සේවකයන් ගින්න නිවාදැමීමට සමත්ව තිබේ.