මිනුවන්ගොඩ වෙඩි තැබීමකින් පියා සහ පුතුන් දෙදෙනා මරුට

0
Three Murders in Minuwangoda - මිනුවන්ගොඩ වෙඩි තැබීමකින් පියා සහ පුතුන් දෙදෙනා මරුට

මිනුවන්ගොඩ ගම ගෙදර ප්‍රදේශයේ නිවසකට ගිනි අවි රැගෙන පැමිණි පුද්ගලයන් පිරිසක් සිදු කළ වෙඩි තැබීමකින් පියකු සහ පුතුන් දෙදෙනකු මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 51, 23 සහ 24 පසුවන තිදෙනෙකි.

පියාගේ මළ සිරුර මිනුවන්ගොඩ රෝහලේ තැන්පත් කර ඇත මෝටර් රථයකින් සහ යතුරුපැදි කින් කඩා වැදී මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.

මීට වසර තුන හතරකට පෙර දී සරුංගල් සිද්ධියක් මුල් කරගෙන මෙම සිද්ධිය ඇති වී ඇතිවී තිබෙන බවට සැක කරන බව මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.

මිය ගිය තිදෙනා මීට මාස කිහිපයකට ඉහතදී රිමාන්ඩ් භාරයෙන් ඇප මත නිදහස්ව පැමිණි අය බව පොලීසිය කියයි.