පාසල ඉදිරිපිට දී දරුවෙක්ට අමානුෂිකව පහර දෙයි

0
Attack to Student - පාසල ඉදිරිපිට දී දරුවෙක්ට අමානුෂිකව පහර දෙයි

වාද්දුව පොතුපිටිය මහා විද්‍යාලය ඉදිරිපිට දෙමව්පියන් දහසක් දෙනා බලා සිටියදී හත් හැවිරිදි පිරිමි දරුවෙක්ට අමානුෂික ලෙස පහරදුන් 35 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව වාද්දුව පොලිසිය පවසයි.

පහර කෑ බව කියන වාද්දුව පොතුපිටිය පනාපිටිය පාරේ පදිංචි බි.එච් චමුතු භාග්‍ය නමැති දරුවා රෝහල්ගත කර ඇත.

පාසල තුලදී ලමුන් දෙදෙනා අතර සිදු වූ සිදුවීමකට එක් සිසුවෙකුගේ පියෙක් මෙලෙස අනෙක් සිසුවාට පහර දී ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

පහර කෑ දරුවාට බැන වැදී කම්මුලට වැරෙන් පහරවල් කීපයක් එල්ල කළ ඇති බව දරුවාගේ මව පොලිසියට පවසා ඇත.

සිද්ධිය සියැසින් දුටු අයෙක් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ඒ මොහොතේම ලබා දුන් තොරතුරක් අනුව වහා ක්‍රියාත්මක වූ වාද්දුව පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ පහරදීමට සම්බන්ධ සැකකාර පුද්ගලයා සහ ඔහු පැමිණි මෝටර් රථය ද පොලිස් භාරයට ගෙන රැගෙන ගොස් ඇත.

වාද්දූව පොළිසිය විසින් මේ පිළීබද වැඩිදුර පරීක්ෂණ පවත්වයි.