ශ්‍රී ලංකාවට එරෙහි පළමු එක්දින තරගයෙන් බංග්ලාදේශයට ජය

0
SL vs BAN 1st ODI - බංග්ලාදේශයට ජය

ශ්‍රී ලංකාව සමග පැවති පළමු එක්දින තරගයෙන් බංග්ලාදේශයට ලකුණු 33ක පහසු ජයක් හිමිවිය.

ඒ් අනුව, තරග 03කින් සමන්විත එක්දින තරගාවලිය තරග 1ට 0ක් ලෙස බංග්ලාදේශය ඉදිරියෙන් සිටී.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 256ක් රැස් කළේය.

මුෂ්ෆිකර් ලකුණු 84ක්, මහමදුල්ලා ලකුණු 54ක් හා තමිම් ඉක්බාල් ලකුණු 52ක් ලබා ගත්තේය.

ධනංජයද සිල්වා ලකුණු 45කට කඩුලු 03ක් දවා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 48යි පන්දු 1ක් අවසානයේදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 224ක් පමණි.

වනිඳු හසරංග ලකුණු 74ක් ලබා ගත්තේය.

දෙරට අතර දෙවන තරගය ලබන 25 වැනිදා පැවැත්වීමට නියමිතය.