සිපෙට්කෝ පිරවුම්හල් ඉන්ධන ඇනවුම් නොකරයි

0
Ceypetco Fuel Stations - සිපෙට්කෝ පිරවුම්හල් ඉන්ධන ඇනවුම් නොකරයි

සිපෙට්කෝ පිරවුම්හල්වලින් පරිහණය ගාස්තු බද්ද අය නොකරන්නේ යැයි කළ පොරොන්දුව කඩ කරමින් ඛනිජ තෙල් සංස්ථාව එම බද්ද අය කිරීමට විරෝධය දක්වමින් අද (4) දිනය සඳහා වන සියලුම ඇනවුම් අවංගු කරන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න මහතා ඊයේ (3) පස්වරුවේ පැවසීය.

එම බද්ද අය නොකරන්නේ යැයි ඛනිජ තෙල් සංස්ථාවේ මූල්‍ය කළමනාකරු ඉන්ධන පිරවුම්හල් හිමිකරුවන් දැනුවත් කර තිබියදී අද පස්වරුවේ එම බද්ද අය කිරීමෙන් මේ වන විට මුදල් ගෙවූ ඇනවුම් ලැබීම ද අවිනිශ්චිත තත්වයකට පත්ව ඇති බවත් මෙම බද්ද අය නොකරන බවට ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා ද ප්‍රකාශ කළ බව ද නාඔටුන්න මහතා කීය.

අළෙවියට සාපේක්ෂව පසුගිය වසරේ ගෙවූ වට්ටමෙන් කොටසක් බද්දක් ලෙස ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මිලදීගැනීමට තැන්පත් කරන මුදලින් අයකරගන්නා බව දැනුම්දී තිබූ බවත් ඒ සම්බන්ධයෙන් යොමුවූ විරෝධයත් සමඟ එය අය නොකරන බව දැනුම් දී තිබූ බවත් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.