සනත් නිශාන්තට එරෙහිව මහෙස්ත්‍රාත්වරු සහ දිසා විනිසුරුවරුගෙන් පෙත්සමක්

0
Sanath Nisantha - මහෙස්ත්‍රාත්වරු සහ දිසා විනිසුරුවරුගෙන් සනත් නිශාන්තට එරෙහිව පෙත්සමක්

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බැවින් ඒ පිළිබඳව විභාගයක් පවත්වා ඔහුට දඩුවම් පමුණුවන ලෙස ඉල්ලමින් අධිකරණ සේවා සංගමය අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.

අදාළ පෙත්සම මගින් අධිකරණ සේවා සංගමය වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ අරගලයට සම්බන්ධ සැකරුවන්ට ඇප ලබාදීමේ ක්‍රියාවලිය පිළිබඳව අගෝස්තු මස 23 වනදා සිදුකළ විවේචනාත්මක ප්‍රකාශයක් තුළින් රාජ්‍ය අමාත්‍යවරයා අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවය.

දිවයිනේ සියලු මහෙස්ත්‍රාත්වරු සහ දිසා විනිසුරුවරු මෙම සංගමයේ සාමාජිකත්වය දරයි.

එම ප්‍රකාශය තුළින් රාජ්‍ය අමාත්‍යවරයා අරගලකරුවන්ට ඇප ලබාදීම සම්බන්ධයෙන් වූ මහේස්ත්‍රාත්වරු සතු බලය අභියෝගයට ලක් කර ඇති බවත් ඒ තුළින් ඔහු අධිකරණය සතු ගෞරවය හෑල්ලුවට ලක්කොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(3) වගන්තිය යටතේ වරදක් සිදුකර ඇති බවය.