ලබන සතියේ සිට තිරිඟු පිටි මිල පහලට

0
Wheat Flour Prices - ලබන සතියේ සිට තිරිඟු පිටි මිල පහලට

එළඹෙන සතියේදී තිරිඟු පිටි මිල පහළ දැමීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ බව පැවසුවා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ තිරිඟු පිටි රුපියල් 250ක් දක්වා පහත හෙලීමට අපේක්ෂා කරන බවයි.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙම සතියේ සිට අඛණ්ඩව ආනයනය කරන ලද තිරිඟු පිටි මෙරටට ලැබීමට නියමිත බවයි.

එසේම මේ වනවිටත් තිරිඟු පිටි කන්ටේනර් 100කට පමණ ආසන්න ප්‍රමාණයක් කොළඹ වරාය වෙත ගොඩබෑම මේ වනවිට ද ආරම්භ කර තිබෙනවා.,

ඩුබායි සහ තුර්කි වෙතින් මෙරටට තිරිඟු පිටි ආනයනය කරන බවත් පසුගිය කාලසීමාව තුළ එම නෞකා මෙරටට පැමිණීමට ප්‍රමාද වීමත් සමඟ මෙලෙස සීඝ්‍රයෙන් තිරිඟු පිටි මිල ඉහළගොස් ඇති බවත් අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නා.