නොරොච්චෝලේ ‌තෙවැනි යන්ත්‍රය නැවතත් ජාතික පද්ධතියට

0
Norochcholai Power Plant - නොරොච්චෝලේ ‌තෙවැනි යන්ත්‍රය නැවතත් ජාතික පද්ධතියට

නොරොච්චෝල විදුලි බලාගාරයේ තුන්වෙනි විදුලි ජනන යන්ත්‍රය අළුත්වැඩියාවෙන් පසුව නැවතත් ජාතික විදුලි පද්ධතියට එක්කළ බව විදුලිබල හා බලශක්තිය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.

එම විදුලි බලාගාරයේ දෙවැනි විදුලි ජනක යන්ත්‍රය අළුත්වැඩියාවෙන් පසුව මෙම මස අගදී නැවතත් ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට බලාපොරොත්තු වන බවත්අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

මෙම විදුලි ජන යන්ත්‍රය මීට සතියකට පමණ පෙර අක්‍රීය වීම හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට විදුලිබල පද්ධතියට මෙගාවොට් 270 ක ප්‍රමාණයක් අහිමි වූ අතර පළමු සහ තුන්වෙනි යන්ත්‍රවලින් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 550 ක පමණ ධාරිතාවක් නිෂ්පාදනය කරයි.