බඩු මිලට එරෙහිව පොහොට්ටුවේ පිරිසක් සටනට

0
Good Prices - බඩු මිලට එරෙහිව පොහොට්ටුවේ පිරිසක් සටනට

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු බඩු මිල අඩු කර ජනතාවට සහන සැලසීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉතා දැඩි ඉල්ලීමක් කිරීමට සූදානම් වෙමින් සිටින බව දේශපාලන ආරංචිමාර්ගවලින් පැවසේ.

ජනාධිපතිවරයා මෙරටට පැමිණී වහා එම ඉල්ලීම කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් පැවසීය.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල අඩු කර ජනතාවට සහන සලසන ලෙස හිටපු අමාත්‍ය විමලවීර දිසානායක සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරචි යන මහත්වරු ජනාධිපතිවරයාගෙන් පසුගියදා විශේෂ ඉල්ලීමක් කළහ.

ජගත් කුමාර මහතා එම ඉල්ලීම කළේ ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමිනි. විමලවීර දිසානායක මහතා ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීම් දෙකකදී එම ඉල්ලීම කර තිබිණ.

එසේම ජනතාවගේ වී මිලදී ගැනීම සඳහාද විශේෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස විමලවීර දිසානායක මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ගණනාවක් ජනාධිපතිවරයාගෙන් දැනටමත් ඉල්ලා ඇත.

මේ අතර භාණ්ඩ මිල අසීමිත ලෙස වැඩි කරන ව්‍යාපාරික මාෆියාව පරාජය කිරීම සඳහාද වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට සූදානම් වෙති.