පාසල් සිසුවියකට විදුහල්පතිගෙන් කොසු මිටි ප්‍රහාරයක්

0
Attack to Student by Principal - පාසල් සිසුවියකට විදුහල්පතිගෙන් කොසු මිටි ප්‍රහාරයක්

නුවරඑළිය අධ්‍යාපන කලාප කාර්යාලය යටතේ පාලනය වන හැටන් කොටගල බෝගහවත්ත  ප්‍රදේශයේ පාසලක 10 වසරේ අධ්‍යාපනය ලබන පාසල් සිසුවියෙකුට එම විදුහලේ  විදුහල්පතිවරයා විසින් කොසු මිටකින් පහර දිම නිසා  තුවාල සිදු ලැබු  පාසල් සිසුවියක් අද (29දා)  තුවාල සහිතව තම රෝහලට ඇතුලත්  කල බවත් , තුවාල ලැබු එම පාසල් දැරිය වැඩිදුර ප්‍රතිකාර සදහා දික්ඔය මුලික රෝහල වෙත මාරු කර යැවු බව කොටගල ප්‍රාදෙශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍යය නිලධාරි ශාවිත්‍රි ශර්මා මහත්මිය පැවසිය.

පාසලේ පැවැත්විමට නියමිත ගුරු උපහාර උළෙලක් සදහා රු 300 ක මුදලක් එම පාසලේම අධ්‍යපනය ලබන තම සහෝදරයා විසින් නොගෙවිම සම්බන්දයෙන් විදුහල්පතිවරයා තම සහෝදරයාට පරුෂ වචනයෙන් බැන වදින අවස්ථාවේ තමන් ,සර් මල්ලිට බනින්න එපා .තාත්තා මේ ලග වැඩ කරන්නේ .මම තාත්තට කියලා සල්ලි ඉල්ලා දෙන්නම් කියන අවස්ථාවේ විදුහල්පතිවරයා තමන්ට කොසු මිටකින් පන්න පන්නා අමානුෂික ලෙස පහර දුන් බවත් , මා කැ ගසන ශබ්දය ඇසි තාත්තා පාසල වෙත දිව ඇවිත් විදුහල්පතිවරයාගෙන් තමන්ව බේරා ගත් බවයි එම පාසල් සිසුවිය අප සමග කියා සිටියේ.

පහර කැමට ලක් වු  පාසල් සිසුවියගේ පියා කියා සිටින්නේ තමන්ට දරුවන් සිවු දෙනෙක් සිටින බවත් , තම පවුලේ ආර්ථික අපහසුකම් නිසා බිරිද ගෘහ සේවයට විදේශ ගත විඇති බවයි.

මිත්තනියගේ රැකවරණය යටතේ තම දරුවන් සිවු දෙනා සිටින බවත් , තම දියනිය බේරා ගැනිමට පාසල වෙත ගිය අවස්ථාවේ එම පාසලේ විදුහල්පතිවරයා සහ ආචාර්ය මණඩලයද තමන් ට බැන වැදී පහර දිමට තැත් කල බව පවසමින් පහර කැමට ලක් වු දැරියගේ පියා දිඹුල පතන පොලිසියට පැමිනිල්ලක්ද කර ඇත.

අප මේ සම්බන්දයෙන් එම පාසලේ විදුහල්පතිවරයාගෙන් අප කල විමසුමකට ඔහු කියා සිටියේ විනය හේතුවක් මත එම පාසල් දැරියට කුඩා කෝටුවකින් පහර කිහිපයක් ගැසු බවයි.

පාසල් සංවර්ධන කමිටුවේ යෝජනාවක් අනුව ගුරු උපහාර උළෙල සදහා මුදල් එකතු කරනු ලබන්නේ පාසලේ ශිෂ්‍යය නායිකාවක් බවත් , තමන් මුදල් ඉල්ලා එම සිසුවියට පහර නොදුන් බවයි විදුහල්පතිවරයා කියා සිටියේ .

පාසල වෙත පැමිණි එම පාසල් සිසුවියගේ පියා විසින් තමන්ට පහර දිමට තැත් කිරිම සම්බන්දයෙන් තමන්ද දිඹුල පතන පොලිසියට පැමිනිල්ලක් කර බවද එම විදුහලේ විදුහල්පතිවරයා පැවසිය.