සජිත් ගැන දමිතාගේ විශ්වාසය

0
Damitha Abeyratne's Statement - සජිත් ගැන දමිතාගේ විශ්වාසය

අරගලයේ අරමුණු ඉටුකරන ඕනෑම කණ්ඩායමක් සමග තමන් කටයුතු කිරීමට සූදානම් බව රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය පවසයි.

කොළඹ ඊයේ (28) කැඳවා තිබු මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය සඳහන් කළේ, ආණ්ඩු පක්ෂය සමග එක්වන ලෙසට තමාට ලැබුණු ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ බවය.

“මම හිතන්නේ මගෙන් වැඩිපුරම බැනුම් ඇහුවේ සජිත් ප්‍රේමදාස මහත්තයා. නම කිය කිය බැන්නා පහුගිය කාලයේ. හේතුව පාර්ලිමේන්තුව තුළ අපි ගිහින් ඉල්ලීම් කරා, මේක භාරගන්න කියලා. එතුමන්ලා භාරගන්න බැහැ කිව්ව වේලාවේ අපි හිතුවා භාරගන්න බෑ කිව්වේ රටේ ජනතාව වෙනුවෙන් ඔවුන්ට පෙනී සිටින්න බැරිකම කියලා. නමුත් මම අද විශ්වාස කරනවා මෙතුමා භාරගත්තේ නැත්තේ, මේ පල්හොරු එක්ක එතුමාට හිටගන්න බැරි නිසා කියන එක. ඉතින් මම විශ්වාස කරන ප්‍රතිපත්තිගරුක දේශපාලනඥයෙක් සජිත් ප්‍රේමදාස කියන්නේ කියලා මට ඕනෙ තැනක හිටගන්න පුළුවන් කියන විශ්වාසය මට තියෙනවා. පවතින ආණ්ඩුවෙන් නම් මට බොහෝම රහසිගත ඉල්ලීමක් ඉල්ලුවා ලොකු මුදල් ටිකක් දෙන්නම් ඇවිල්ලා ඉඳගන්නවා ද අපිත් එක්ක කියලා. හැබැයි මගේ එකම උත්තරය වුණේ ඒ අයගේ බෝට්ටුවට මම වැටෙන්නේ නෑ. හෙට දවසේ කොතැනක හරි අරගලයේ අරමුණු ඉටුකරන කණ්ඩායමක් එක්ක ඔව් මම හිටගන්නවා.”