චීනයෙන් ශ්‍රී ලංකාවට මිලියන 650ක ඖෂධ පරිත්‍යාගයක්

0
Medicine from China - චීනයෙන් ශ්‍රී ලංකාවට මිලියන 650ක ඖෂධ පරිත්‍යාගයක්

චීනයේ යුවාන් මිලියන 500 ක හදිසි මානුෂීය ආධාර යටතේ පරිත්‍යාග කරන ලද යුවාන් මිලියන 12.5 ( රුපියල්මිලියන 650) වටිනා නව ඖෂධ තොගයක් චීනයේ චෙංගු නුවර සිට කටුනායක ගුවන් තොටුපොළට පැමිණීමට නියමිත බව චීන තානාපති කාර්යාලය පවසයි.

මුළු පරිමාව ඝන මීටර් 60.04ක් සහ බර මෙට්‍රික් ටොන් 14.62ක් සමඟින අත්‍යාවශශ ඔෂධ වර්ග පහක් මෙයට ඇතුළත් වෙයි.

1) 100,800 PF.Syrs of Recombinant Human Erythropoietin Alpha Injection 4000IU

2) මිනිස් භාවිතය සඳහා ජලභීතිකා එන්නත් මාත්‍රා 270,000
3) Fat Emulsion එන්නත් බෝතල් 4,500 (C14-24)
4) එන්නත්-100mg සඳහා Pemetrexed Disodium කුප්පි 2,400
5) එන්නත්-500mg සඳහා Pemetrexed Disodium කුප්පි 1,520 මේ අනුව ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය.

ඉදිරි මාස කිහිපය තුළ රුපියල් බිලියන 5 ක වටිනාකමකින් යුත් තවත් ඖෂධ සහ වෛද්‍ය සැපයුම් ශ්‍රී ලංකාවට භාර දී දිවයින පුරා රෝහල් සහ රෝගීන් වෙත ලබා දීමට නියමිත බව තානාපති කාර්යාලය පවසයි.

පවතින දුෂ්කරතා හේතුවෙන් විපතට පත් ශ්‍රී ලාංකික ජනතාවට වැඩි සහයක් ලබාදීම සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සමීපව කටයුතු කරන බව තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසයි.

(ada.lk වෙබ් අඩවිය ඇසුරිනි.)