ජනපතිගෙන් මහානායක හිමිවරුන්ට පිළිතුරු ලිපියක්

0
Letter to Mahanayaka Theros - ජනපතිගෙන් මහානායක හිමිවරුන්ට පිළිතුරු ලිපියක්

ආගමික සිද්ධස්ථානවල විදුලි අරපිරිමැස්ම වෙනුවෙන් මහා සංඝරත්නය සිදුකරන අනුශාසනාමය දායකත්වය හා එමගින් සමාජයට ලබාදෙන පූර්වාදර්ශය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය කෘතඥතාව පළ කරමින් මහානායක හිමිවරුන් වෙත ලිපියක් යොමුකර තිබේ.

ඒ, විදුලි ගාස්තු සංශෝධනය හේතුවෙන් ආගමික ස්ථාන මුහුණදෙන දුෂ්කරතා පිළිබඳ මල්වතු, අස්ගිරි, අමරපුර සහ රාමඤ්ඤ මහානායක හිමිවරු වෙත පිළිතුරු ලිපියක් යොමු කරමිනි.

පසුගිය වසර කිහිපය තුළ රටේ ක්‍රමිකව වර්ධනය වූ ආර්ථික අර්බුදයේ සෘජු ප්‍රතිඵලයක් ලෙස විදුලි අර්බුදය ද පැනනැගී ඇති බවත්, ඒ සියලු තත්ත්වයන් රටේ මහජනතාවගේ සහ සමස්ත ආගමික ප්‍රජාවගේ යහපත උදෙසා ක්‍රමිකව විසඳීම තමා ප්‍රමුඛ රජයේ වගකීම ලෙස දකින බවත් ජනාධිපතිවරයා සිය ලිපියෙන් පෙන්වා දී තිබේ.

2022 වසර වනවිට රටේ බෞද්ධ විහාරස්ථාන හා අනෙකුත් ලියාපදිංචි ආගමික හා සමාජ සේවා ස්ථාන 42,950ක් රටේ ප්‍රධාන විදුලිබල ජාලය හා සම්බන්ධය.

2021 වර්ෂයේ දී ඒ වෙනුවෙන් විදුලි ඒකක මිලියන 91ක් (91 Gwh) ලබා දී ඇත.