සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් රැසක් නොවැම්බරයේ පෞද්ගලික අංශයට

0
Kanchana Wijesekara - සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් රැසක් නොවැම්බරයේ පෞද්ගලික අංශයට

ලංකා ඛණිජ තෙල් සංස්ථාව පාලනය කරන ඉන්ධන පිරවුම්හල් 1250 න් කොටසක පාලනය පෞද්ගලික සමාගම්වලට ලබන නොවැම්බර් මසයේ පවරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

ඒ අනුව එම සමාගම්වලට ඉන්ධන ආනයනය කිරීමට, ඉන්ධන බෙදාහැරීමට සහ ඉන්ධන අළෙවි කිරීමට බලය ලබාදීමට බලාපොරොත්තු වන බව කී අමාත්‍ය විජේසේකර මහතා ඒ සඳහා ටෙන්ඩර් ඉදිරිපත් කර ඇති සමාගම් 24 න් සුදුසුකම් සපුරන සමාගම් කිහිපයකට අවස්ථාව දීමට නියමිත බව ද සඳහන් කළේය.

ලංකා ඛණිජ තෙල් සංස්ථාව පාලනය කරන ඉන්ධන පිරවුම්හලින් කොටසක් වෙනත් පෞද්ගලික සැපයුම්කරුවන් වෙත ලබාදීමේ වැඩපිළිවෙලේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා පැවැති රැස්විමේදී අමාත්‍යවරයා එසේ පැවසීය.