චක්‍රලේඛයක් නිසා වෛද්‍ය ක්ෂේත්‍රය කඩා වැටෙයි

0
Pension Circular - චක්‍රලේඛයක් නිසා වෛද්‍ය ක්ෂේත්‍රය කඩා වැටෙයි

රජය නිකුත් කර ඇති නව චක්‍රලේඛයට අනුව වසය අවුරුදු 60 පිරුණු රාජ්‍ය සේවකයන් විශ්‍රාම යා යුතු බැවින් දැනට රජයේ රෝහල්වල සේවය කරන වයස අවුරුදු 60 ඉක්ම වන විශේෂඥ වෛද්‍යවරුන් 300ක් සහ වෛද්‍යවරුන් 3110 විශ්‍රාම යාමට නියමිත බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති ළමා රෝග විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා පවසයි.

එකවර විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් රජයට අහිමිවීම නිසා ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව වඩාත් දුෂ්කර තාවයට පත්වන බව ද ඔහු පවසයි.

මෙම තීරණය රසායනික පොහොර ආයනයන එකවරම නතර කිරීමට ගත්තා වැනි අමනෝඥ තීරණයක් බව ද විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් මහතා කියා සිටියේය.

මේ හේතුවෙන් පිටපළාත්වල රෝහල්වලට විශේෂඥ වෛද්‍ය සේවයක් නැත්තටම නැතිවිමේ අවදානමක් පවතින බව ද වෛද්‍ය ලක්කුමාර් මහතා පවසයි.

2025 වන තුරු පිළිකාරෝගීන පොරොන්තු ලේඛනවල ඉන්නවා. ව්‍යාධිවේදී විශේෂඥ වෛද්‍යවරුන් 80ක් සිටිය යුතුයි නමුත් දැන් සිටින්නේ 60ක් පමණයි. එස සංඛ්‍යාව ද 2023 ජනවාරි වන විට 40 දක්වා අඩු විය හැතියි.

නව චක්‍රලේඛයට අනුව 2022 දෙසැම්බර් මස වෛද්‍යවරුන් 3110ක් විශ්‍රාම යාමට නියමිතයි.