ඉන්දියාව මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අරඹයි

0
Debt Restructuring Discussion - ඉන්දියාව මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අරඹයි

ඉන්දියාව මෙරට බලධාරීන් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ පළමු වටයේ සාකච්ඡා සැප්තැම්බර් 16 වනදා පැවැත්වූ බව මෙරට පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පැවසූ බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරනවා.

මෙරට ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය සඳහන් කර ඇත්තේ එම සාකච්ඡා සුහදශීලීව පැවත්වූ බවයි.

එහිදී ඉන්දියාව වැඩිදුරටත් පවසා ඇත්තේ ආර්ථික අර්බුදයෙන් බැට කන සිය අසල්වැසියාට දිගුකාලීන ආයෝජන හරහා සහාය ලබාදීමට සූදානම් බවයි.

එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වන වැඩසටහනක් සඳහා කඩිනමින් අනුමැතිය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසා තිබෙනවා.