ස්ටීව් හෑන්ක්ගේ උද්ධමන වගුවෙන් ශ්‍රී ලංකාව පහළට

0
Inflation of Sri Lanka - ස්ටීව් හෑන්ක්ගේ උද්ධමන වගුවෙන් ශ්‍රී ලංකාව පහළට

ජෝන් හෝකින්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්‍ය ස්ටීව් හෑන්ක්ගේ උද්ධමන ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව පහළට පැමිණ තිබෙනවා.

හෑන්ක්ගේ උද්ධමන ශ්‍රේණිගත කිරීම රාජ්‍යයන්වල ආර්ථිකය පිළිබඳ විශ්ලේෂණයන් සඳහා භාවිත වන විධිමත් නිර්ණායකයක්.

මීට පෙර එම වගුවේ, ශ්‍රී ලංකාව තෙවැනි ස්ථානයේ සිටි අතර, නවතම ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව පසුවන්නේ, හත් වැනි ස්ථානයේ යි.

පළමු ස්ථානයේ තවමත් සිම්බාබ්වේ රාජ්‍යය රැඳී සිටින අතර, දෙවැනි හා තෙවැනි ස්ථානවල කියුබාව හා ලෙබනනය රැඳී සිටිනවා.