මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට චීනයෙන් ප්‍රබල සහායක්

0
Chen Xu's Statement in Human Rights Council - මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට චීනයෙන් ප්‍රබල සහායක්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් දැඩි ලෙස සහාය ලබාදෙන බව ජිනීවා හි පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ චීනයේ නිත්‍ය නියෝජිත Chen Xu මහතා මේ බව ප්‍රකාශ කර ඇත.

අද ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරය අමතමින් Chen Xu මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් Chen Xu මහතා ප්‍රකාශ කර ඇත්තේ සංහිඳියාව ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාව දරණ අඛණ්ඩ උත්සාහය චීනය අගය කරන බවය.

මේ අතර සමාජ ස්ථාවරත්වය පවත්වා ගැනීම, ස්වෛරීභාවය සහ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාව සඳහා දැඩිලෙස සහාය ලබාදෙන බවද එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ චීනයේ නිත්‍ය නියෝජිත Chen Xu මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.