විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ එවීම් ඉහළට

0
Remittances of expatriate workers - විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ එවීම් ඉහළට

2022 අගෝස්තු මාසයේදී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 325.4ක් බව ශ්‍රී ලංකා මහබැංකුව පවසයි.

පසුගිය ජුලි මාසයේදී ප්‍රේෂණ වශයෙන් ලැබී තිබුණේ ඇමරිකානු ඩොලර් මිලියන 279.5ක් වන අතර ඒ අනුව විදෙස්ගත සිටින ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ එවීම් ඉහළ ගොස් ඇති බව පෙනේ.

එසේම 2022 වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා ලැබී ඇති සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 2214.8ක් වේ.