ඩයමන්ඩ් ලීග් මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 ඉසව්වෙන් යුපුන් අබේකෝන්ට පස්වන ස්ථානය

0
Yupun Abeykoon in Diamond League - ඩයමන්ඩ් ලීග් මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 ඉසව්වෙන් යුපුන් අබේකෝන්ට පස්වන ස්ථානය

ස්විටසර්ලන්තයේ සූරික් නගරයේ පැවති ඩයමන්ඩ් ලීග් මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 ඉසව්ව සඳහා එක්වූ ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන්ට පස්වන ස්ථානයෙන් සෑහීමකට පත්වන්නට සිදුවුණා.

මෙම තරගය සඳහා ලොව ප්‍රමුඛ පෙලේ කෙටි දුර ධාවන ශූරයින් වන යොහාන් බ්ලේක් සිම්බිනේ අකානි ටේ‍රවෝන් බ්‍රොමෙල් ආදීන් එක්ව සිටියා.

එහිදී ඉසව්ව නිමා කිරීම සඳහා තත්පර 9.94ක කාලයක් වැය කළ ඇමරිකා එක්සත් ජනපදයේ ටේ‍රවෝන් බ්‍රොමෙල් පළමුවන ස්ථානය දිනාගත් අතර ජැමෙයිකාවේ යොහාන් බ්ලේක් දෙවැන්නා ලෙස තරගය නිමා කළේ තත්පර 10.05ක කාලයක් වැය කරමින්.

කැනඩාවේ ආරොන් බ්‍රවුන් තුන්වැන්නා ලෙසටත් දකුණු අප්‍රිකාවේ සිම්බිනේ අකානි සිව්වැනියා ලෙසටත් තරගය නිමා කළා.

යුපුන් අබේකෝන් මීටර් 100 නිමා කිරීම සඳහා වැය කළ කාලය තත්පර 10.14ක් වූ අතර ඔහු තරගය නිමා කළේ පස්වැන්නා ලෙසටයි.