වසර පහක් ණයට දෙන්න සෞදි අරාබියෙන් මූලික එකඟතාවයක්

0
Fuel from Saudi Arabia - වසර පහක් ණයට දෙන්න සෞදි අරාබියෙන් මූලික එකඟතාවයක්

මේ වනවිට දැවැන්ත බලශක්ති අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට ණය පදනම යටතේ ඉන්ධන ලබාදීම පිළිබඳව සෞදි අරාබි රජය මූලික එකඟතාවයකට පැමිණ තිබෙනවා.

ණය පදනම යටතේ වසර පහක කාලසීමාවක් සඳහා ඉන්ධන සැපයීමට එකඟ වී ඇති අතර එම එකඟතාවය වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 06 කට සීමා වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ නියෝජිතයෙකු ලෙස පසුගියදා සෞදි අරාබිය වෙත ගිය පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා සහ සෞදි බළධාරීන් අතර පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම එකඟතාවයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීම සඳහා පැමිණෙන ලෙස නසීර් අහමඩ් අමාත්‍යවරයා සෞදි ආයෝජකයන්ට ආරාධනා කර ඇති අතර පොහොර නිෂ්පාදනය, ඉන්ධන බෙදාහැරීම, බලශක්ති ඇතුළු ක්ෂේත්‍රවල පවතින ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කර තිබෙනවා.