දිස්ත්‍රික්ක 08 ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක්

0
Landslide warning - දිස්ත්‍රික්ක 08 ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක්

කොළඹ, කළුතර, මහනුවර, මාතලේ, නුවරඑළිය, කෑගල්ල, රත්නපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලට අදාලව නායයෑම් අවදානම් නිකුත් කර තිබෙනවා.

මේ අතර ඉදිරි පැය 24 තුළ අත්තනගලු, කළු, කැලණි, ගිං සහ නිල්වලා ගංගා ආශ්‍රිත ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් එම ගංගාවල මේ වන විටත් ජල මට්ටම ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ට වැඩි වැසි අපේක්ෂා කරන බවයි.