කුරුණෑගලදී කාණුවකට වැටී පාසල් සිසුවෙකු මරුට

0
School Student Accident - කුරුණෑගලදී කාණුවකට වැටී පාසල් සිසුවෙකු මරුට

අධික වර්ෂාවත් සමඟ ජලය පිරී තිබූ අනාරක්ෂිත කාණුවකට ඇදවැටී එහි සිරවූ පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මලියදේව ආදර්ශ විදුහලේ 09 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි 14 හැවිරිදි සජිත් ගුණරත්න නමැති පාසල් සිසුවෙකි.

ප්‍රදේශවාසීන් සහ යුද හමුදාව එක්ව සිදුකළ මෙහෙයුමකින් අනතුරුව කාණුවේ සිරවී සිටි දරුවා මුදාගෙන කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබේ.

දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ දරුවා අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බව ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.