නැතිවුන පොත් පත් තොගයක් සහ බුදු පිළිමයක් මා ගාව.. දෙන්න බයයි…

0
President House Burning - නැතිවුන පොත් පත් තොගයක් සහ බුදු පිළිමයක් මා ගාව.. දෙන්න බයයි...

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසින් සොරා ගන්නා ලද බුදු පිළිමයක්,සහ පොත් පත් තොගයක් පිළිබඳ ජනාධිපති ලේකම් කාර්යාලයට ලැබුණු දුරකථන ඇමතුමක් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කිරීම ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් රහස් පොලිසියට බාර දී තිබෙි .

ජනාධිපති කාර්යාලයේ පොදු දුරකථන අංකයකට ලැබුණු ඇමතුමකින් පවසා ඇත්තේ ජනාධිපතිවරයාගේ නිවස ගිනි තැබූ දින මෙම බුදු පිළිමය සහ පොත්පත් සොරා ගන්නා ලද බවත් එය නැවත ලබා දීමට අවශ්‍ය බවත්ය.

සොරා ගන්නා ලද බුදු පිළිමය සහ පොත්පත් ළඟ තබා ගැනීම සිතට බියක් ගෙන දෙන කාරණයක් බැවින් නැවත ඒවා අයිතිකරුට ලබාදිය යුතු බව ජනාධිපති කාර්යාලයට දුරකථන ඇමතුම ගත් තැනැත්තා පවසා තිබේ.

බුදු පිළිමය සහ පොත්පත් සුරක්ෂිතව තිබෙන බවද දුරකථන ඇමතුම දුන් තැනැත්තා පවසා ඇත.

තමාට ජනාධිපති ලේකම්වරයා ඇමතීමට අවශ්‍ය බව ඔහු පවසා ඇති අතර ජනාධිපති කාර්යාලයේ ඇමතුම ගත් නිලධරයා එම පණිවිඩය ජනාධිපති ලේකම්වරයාට සැල කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කටයුතු රහස් පොලිසියට බාර දී ඇත.