පාන් රාත්තලක් රුපියල් 300 දක්වා ඉහල දැමේ

0
Bread Price - පාන් රාත්තලක් රුපියල් 300 දක්වා ඉහල දැමේ

වෙළෙඳපොළ තුළ තිරිඟු පිටි මිල සීඝ්‍රයෙන් ඉහළයෑම හමුවේ පාන් රාත්තලක මිල රුපියල් 300 දක්වා ඉහළ යනු ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

රටපුරා තිරිඟු පිටි හිඟයක් මතුවී තිබීම හේතුවෙන් තිරිඟු පිටි මිල වෙළෙඳපොළේ සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

වෙළෙඳුන් පවසන්නේ මේ වනවිට තිරිඟු පිටි කිලෝවක තොග මිල රුපියල් 350ත් 400ත් අතර වන බවත් සිල්ලර මිල රුපියල් 360ත් 380ත් අතර මිලක් වන බවය.

තිරිඟු පිටි හිඟය සහ මිල ඉහළයෑම බේකරි නිෂ්පාදන කර්මාන්තයට එල්ල කර ඇත්තේ දැඩි බලපෑමකි.

කුඩා හා මධ්‍ය පරිමාණ බේකරි හිමියන්ගේ සංගමය පවසන්නේ දිනෙන් දින ඉහළ යන තිරිඟු පිටි මිල පාලනය කිරීමට රජය මැදිහත් විය යුතු බවය.

මේ අතර පවතින තිරිඟු පිටි හිඟය සම්බන්ධයෙන් ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් සමග වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ඊයේ සාකච්ඡා කර තිබුණි.

එහිදී, ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් සතුව ඇති තොග වෙළෙඳපොළට නිකුත් කිරීමට ඔවුන් එකඟ වූ බවය.