හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දිවයිනට පැමිණෙයි

0
Gotabaya Rajapaksa Back to Home - හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දිවයිනට පැමිණෙයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දිවයිනට පැමිණ තිබෙනවා.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ඊයේ (02) මධ්‍යම රාත්‍රී 11.45ට පමණ හිටපු ජනාධිපතිවරයා රැගත් සිංගප්පූරුවට අයත් SQ 468 දරණ ගුවන් යානය මෙරටට ළඟා වුණා.

උද්ගත වූ ජනතා විරෝධතා හමුවේ දිවයිනෙන් පිටත්ව ගොස් තායිලන්තයේ රැඳී සිටි හිටපු ජනාධිපතිවරයා මාසයකුත් දින 20ක් පුරා රැඳී සිටියේ මාලදිවයින, සිංගප්පූරුව සහ තායිලන්තය යන රටවලයි.

ගුවන් තොටුපොළ අවට ප්‍රදේශවලට මේ හේතුවෙන් විශේෂ ආරක්ෂාවක් ද යොදවා තිබුණා.

හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් රජය විසින් ලබාදෙන කොළඹ පිහිටි නිවසක ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා රැඳී සිටිනු ඇති බවයි AFP පුවත් සේවය වාර්තා කරන්නේ.

පොලිස්, හමුදා සහ විශේෂ කාර්ය බලකා සාමාජිකයින්ගෙන් සමන්විත ආරක්ෂක ඒකකයක් ද හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවන බව ද AFP වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.

මෙරට පැවති අරගලකාරී වාතාවරණය හේතුවෙන් පසුගිය ජූලී 13 වැනිදා මාලදිවයින බලා පිටව ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දින කිහිපයක් සිංගප්පූරුවේ රැඳී සිටි අතර ඔහු තායිලන්තයේ බැංකොක් නුවරට පැමිණියේ පසුගිය අගෝස්තු 11 වැනිදායි.