ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ලැබෙන මුදල මෙන්න

0
IMF Decission - ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ලැබෙන මුදල මෙන්න

ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය මුදලක් ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා බළධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකගතාවයක් ඇතිවී තිබෙනවා.

මාස 48 කදී එම සමස්ත මුදල වාරික වශයෙන් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීම සඳහා මෙම මුදල ලබාදෙන බව මූල්‍ය අරමුදල නිකුත් කර ඇති නිවේදනයක සඳහන්.

2024 වසර වනවිට සියයට 2.3 ක ප්‍රාථමික වර්ධනයක් ඇති කරගැනීම මෙහි මූලික අරමුණ බව එහි වැඩිදුරටත් දැක්වෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා බළධාරීන් සමග පැවැත්වූ සාකච්ඡා වට කිහිපයක ප්‍රථිඵලයක් ලෙසයි මෙම ණය මුදල ලබාදීමට නියමිතව ඇත්තේ.