ශ්‍රී ලංකාව සමඟ එකගතා සම්බන්ධයෙන් IMF නිල ප්‍රකාශය අද

0
IMF Discussion - ශ්‍රී ලංකාව සමඟ එකගතා සම්බන්ධයෙන් IMF නිල ප්‍රකාශය අද

ශ්‍රී ලංකාව සමඟ ඇතිකරගත් එකගතාව සම්බන්ධයෙන් මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අද නිල ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

සාකච්ඡා වට ගණනාවකින් පසු මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ ශ්‍රී ලංකා තාක්ෂණ නියෝජිත කණ්ඩායම අතර මූලික එකගතාවයකට පැමිණ ඇති බව රොයිටර් පුවත් සේවය ඊයේ වාර්තා කලා.

ආරංචිමාර්ග සඳහන් කරන්නේ ඊයේ රාත්‍රියේත් දෙපාර්ශවය අතර අවසන් සාකච්ඡා වටයක් පැවති බවයි.

ඒ අනුව අද පෙරවරුවේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව දැනුම් දෙනු ඇති.

1948 දී නිදහස ලැබීමෙන් පසු ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගැලවීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 3 ක මූල්‍ය ප්‍රතිපාදනයක් බලාපොරොත්තුවෙන් සිටිනවා.

මෙතෙක් පැවති සාකච්ඡාවල වල ප්‍රගතිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද දිනයේ දී මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කිරීමටද නියමිතයි.