පහළ වායුගෝලීය කැලඹිලි සහගත තත්ත්වයක්.. ප්‍රදේශ රැසකට තද වැසි…

0
Today Weather Forecast - පහළ වායුගෝලීය කැලඹිලි සහගත තත්ත්වයක්.. ප්‍රදේශ රැසකට තද වැසි...

පහළ වායුගෝලීය කැලඹිලි සහගත තත්ත්වය ශ්‍රී ලංකාව ආසන්නයේ තවදුරටත් පවතී.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් අනුරාධපුර, ගාල්ල, සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ අතර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවලට ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකිය.

ඌව, සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

අද දින (01) දින දහවල් 12:10 ට කල්පිටිය, දුනුපොතගම (අනුරාධපුර දිස්ත්‍රික්කය), උට්ටිමඩුව, නිකවැව (පොළොන්නරුව දිස්ත්‍රික්කය), වෙල්ලායි  (ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය) සහ වෙරුගල් (ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය) යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී.