අතුරු අයවැය ප්‍රගතිශීලී බව ලෝක ආර්ථික සංසදයේ විශේෂඥයෙක් පවසයි

0
Interim Budget 2022 - අතුරු අයවැය ප්‍රගතිශීලී බව ලෝක ආර්ථික සංසදයේ විශේෂඥයෙක් පවසයි

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින භයානක තත්ත්වය සැලකිල්ලට ගනිමින්, පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අතුරු අයවැය ප්‍රගතිශීලී ලෙස හැඳින්විය හැකි බව ලෝක ආර්ථික සංසදයේ විශේෂඥ ජාලයේ සාමාජික තලල් රාෆි ප්‍රකාශ කර තිබෙනවා.

එසේම විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ බලාපොරොත්තු ඇති කරමින් IMF නිලධාරීන් විසින් බ්‍රහස්පතින්දා එනම් හෙට(01) විධිමත් ප්‍රකාශයක් කිරීමට බලාපොරොත්තු වන බවයි.

ශ්‍රී ලංකාවේ නව මහ බැංකු පනත වැනි බොහෝ ධනාත්මක ප්‍රතිසංස්කරණ සිදුවන බවට පැවසෙන අතර, එමඟින් මහ බැංකුවේ ස්වාධීනත්වය වැඩි වනු ඇති බවයි ලෝක ආර්ථික සංසදයේ විශේෂඥ ජාලයේ සාමාජික තලල් රාෆි විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ.

එවැනි ස්වාධීනත්වයක් නොමැතිකම මෙලෙස උද්ධමනය අත්විඳීමට මූලික හේතුව බවට රාෆි වැඩි දුරටත් පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

ඒ අතරම, වැට් බද්ද හරහා වක්‍ර බදු වැඩි කිරීම මත යැපීම වැනි අඩුපාඩු කිහිපයක් රාෆි ලැයිස්තුගත කර ඇති අතර, එය දුප්පතුන්ට දරා ගැනීමට අපහසු වන බවද ඔහු පවසා තිබෙනවා.

වැඩි කාලයක් පවත්වා ගෙන යා නොහැකි පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායයන් සම්බන්ධයෙන් තවත් බොහෝ දේ කළ යුතු බව ද රාෆි අවධාරණය කර ඇති බව සඳහන්.

දේශපාලන විරුද්ධත්වය හේතුවෙන් පෞද්ගලීකරණයේ සමහර අතීත උත්සාහයන් අසාර්ථක වූ නමුත් ශ්‍රී ලංකාව දැන් පෙර නොවූ විරූ අර්බුදයකට මුහුණ දී සිටී “ආණ්ඩුවට පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායයන් ආමන්ත්‍රණය නොකර ඉදිරියට යා නොහැක” යනුවෙන් ලෝක ආර්ථික සංසදයේ විශේෂඥ ජාලයේ සාමාජික තලල් රාෆි වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා