සජිත් ප්‍රේමදාසට සහ ඔහුගේ බිරිඳට කොවිඩ්

0
සජිත් ප්‍රේමදාසට සහ Sajith premadasa - ඔහුගේ බිරිඳට කොවිඩ්

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට සහ ඔහුගේ බිරිඳ ට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

ඔවුන් මේ වන විට ප්‍රතිකාර සඳහා පෞද්ගලික රෝහලක් වෙත යොමුකර ඇත.

පසුගිය මැයි 20 වන දින සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මූජිබර් රහුමාන් මහතාට ද කොවිඩ් -19 ආසාදනය වී ඇතැයි තහවුරු විය.

ලංකා කම්කරු කොංග්‍රසයේ භාණ්ඩාගාරික සහ නුවර එළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මරුදපාණ්ඩි රමේෂ්වරන් මහතාට ද මේ වන විට වෛරසය ආසාදනය වී තිබේ.