පිරවුම්හල් වල ඉන්ධන නොමැති හේතුව මෙන්න

0
Fuel Shortages - පිරවුම්හල් වල ඉන්ධන නොමැති හේතුව මෙන්න

ඉන්ධන මිලදීගැනීමේදී චෙක්පත් හරහා මුදල් ගෙවීම අත්හිටුවීමත් සමග ඉන්ධන ඇනවුම් අඩුවී ඇති බව පිරවුම්හල් හිමියන්ගේ සංගමය පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ, මේ හේතුවෙන් බොහෝ ඉන්ධනහල්වල ඉන්ධන හිඟයක් නිර්මාණය වී ඇති බවය.

ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ ඒ බව පැවසීය.

මේ අතර බවුසර් රථ ධාවනය සඳහා තෙල් ලබාගැනීමට තවමත් නිසි ක්‍රමවේදයක් සකස්කර නොමැති බවද ලංකා ඛනිජ තෙල් පෞද්ගලික බවුසර් හිමියන්ගේ සංගමය පැවසීය.

ඊයේ (30) දිනයේද කොළඹ අවට ඉන්ධනහල් රැසක ඉන්ධන පෝලිම් දක්නට ලැබුණු අතර බොහෝ සිපෙට්කෝ ඉන්ධනහල් ඉන්ධන නොමැතිව වසාදමා තිබුණි.

බස් රථ ධාවනයේ ද අද යම් අඩුවක් දක්නට ලැබුණු අතර රියදුරන් පවසන්නේ නොකඩවා ධාවනය කිරීමට ප්‍රමාණවත් තරම් ඉන්ධන නොලැබෙන බවය.